Computer Keyboard Piano

Saturday, May 29, 2010

සංගීත පන්තියෙන් වෙසක් සුබපැතුම්!

......."ශ්‍රී ලාංකික සියලු වැසියන්ටත්, සියලුම බොදු ජනතාවටත් , මුලු ලොවටමත් ***සුභම සුභ වෙසක් මංග්ල්‍යක් වේවා!"***.........

Sunday, May 2, 2010

01: සංගීතය යනු....

''මිනිසාගේ කනට ඇසෙන මිහිරි නාද මාලා සහ නාද රටාවලට සංගීතයයි කිවහැක.''
සංගීතයට අර්ථකතන බොහෝය...

මට දැනෙන විදියට ''මිනිසාගේ දෙසවනට ඇසෙන හඩක් ඔහුගේ හෝ ඇයගේ හදවත වෙත මිහිරිලෙස ගමන් කරයිනම් එය සංගීතයම වේ.''
                                                                                                           

සංගීතය විවිධාකාර වේ. එක් එක් රටවල් සහ එක් එක් ජන කොට්ටාශ එම රටවලට සහ එම ජන කාන්ඩවලට ආවේනික වූ සංගීත ශෛලයන් භාවිතා කරති. 

අප රටේ ප්‍රධාන වශයෙන් සංගීතය කොටස් 2කට වෙන් කළහැක.

1: පෙරදිග සංගීතය.
2:  බටහිර සංගීතය.

මෙම කොටස් දෙක අතරින් මා ඔබට කියල දෙන්න සූදානම්වෙන්නෙ බටහිර සංගීතයේ යම් පියවරවල් කිහිපයක්. ( ඔබේ පහසුව සදහා යම් අවස්ථාවල පෙරදිග සංගීතයේ කොටස්ද නිදසුන් වශයෙන් යොදාගෙන ඇත.)

002: හැදින්වීම. ( මගේ බලාපොරොත්තුව මෙයයි...)

මා මෙම පාඩම් පෙලින් බලාපොරොත්තු වන්නේ සංගීතය පිළිබද ඔබගේ න්‍යායික දැනුමට වඩා ප්‍රායෝගික දැනුම සහ හැකියව වැඩිදියුණු කිරීමට උත්සහ කිරීමකි.

එබැවින් මා මෙතනින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ යම් සින්දුවක් ඕගනය මගින් වාදනය කරන්නේ කෙසේද යන්න ඔබට පහදාදීමයි.

ඉතා වැදගත්..!



පළමුවෙන්ම මම කියන්න ඕනා මම සංගීතය පිළිබද විශේෂඥයෙක්නම් නෙමෙයි.
ඒකනිසා මගෙන් යම් සුළු සුළු අඩුපාඩු වෙන්න පුලුවන්. මට වඩා සංගීතය ගැන ගොඩාක් දේවල් දන්න උදවිය ඉන්නවා. ඒ අය මගේ යම් අඩු පාඩුවක් දැක්කොත් කරුණාකරල මට ඒක පෙන්නල දෙන්න කියල මම ඒ අයගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනව. මගේ ගෝලයොත් ( මගෙ බ්ලොග් එකට එන යාළුවෝ ටික : ) ) මාගේ යම් අඩු පාඩුවක් දැක්කොත් මට ඒක කියන්න ඕන හොදද.....  : )



Friday, April 16, 2010

001: සිංහලෙන් සංගීතය ඉගෙන ගමුද? මොකද හිතන්න්නෙ?









ඔන්න එහෙනම් මම හිතුව දැනට මම දන්න තරමින් සින්හලෙන් සංගීතය උගන්වන සයිට් එකක් නැති නිසා මෙහෙම දෙයක් කරන්න.





මම මේක ඕනම කෙනෙකුට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට උගන්වන්න උත්සහ කරන්නම්.

ඉදිරියට මම බලාපොරොත්තු වෙනව පරිඝනකය මගින් සංගීතය (FL studio, Reason) ගැනත් උගන්වන්න...



Singlish Typer

බොරු නැතුව ඔබේ හැකියවෙන් ප්‍රයෝජනයක් ගන්න.

The On Demand Global Workforce - oDesk
 
සංගීත පන්තිය - Free Blogger Templates, Free Wordpress Themes - by Templates para novo blogger HD TV Watch Shows Online. Unblock through myspace proxy unblock, Songs by Christian Guitar Chords